විවෘත ආර්ථිකය විවේචනය නොකර ඒ ඔස්සේ ආයෝජන දිරිමත් කර ගැනීමට රජය ක්‍රියා කළ යුතු යැයි හිටපු මුදල් අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි.
ජනාධිපතිවරයා ප්‍රධාන රජයේ ඉදිරි අය.වැය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මේ බව කියා සිටින රවී කරුණානායක මහතා ඒ සම්බන්ධයෙන් මෙසේ ද පවසයි.
ජේ ආර් ජයවර්ධන මහතාගේ විවෘත ආර්ථිකය විවේචනය නොකර ඊට හැකි නම් විකල්පයක් ඉදිරිපත් කළ යුතුයි. විවෘත ආර්ථිකය විවේචනය නොකර ඒ ඔස්සේ ආයෝජන දිරිමත් කර ගැනීමට රජය ක්‍රියා කළ යුතුයි. ආයෝජකයින්ට ඉක්මනින් සිය පහසුකම් සලසා ගැනීමට එක ස්ථානයක් ස්ථාපිත කළ යුතුයි.
විදුලි වාහන ආනයනය කර තෙල් සඳහා යන වියදම අඩු කර ගැනීමට ක්‍රියා කළ යුතුයි. වරායේ මෝටර් රථ විශාල ප්‍රමාණයක් හිර වෙලා තියෙනවා ඒ වාහනවල බැටරි ධාරිතාවය අනුව බද්දක් ගැසිය යුතුයි.
විවිධ බදු විසි හයකින් යුතු බදූ ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය සරල කළ යුතුයි. ඉදිකිරීම් අංශයේ ඒකාධිකාරය නැති කළ යුතුයි. රුපියල ශක්තිමත් කළ යුතුයි. කෘෂිකර්ම ක්ෂේත්‍රය සංවර්ධන කළ යුතුයි. ආහාර ආනයනයට විශාල මුදලක් වැය වෙනවා.
අපනයන දිරිමත් කළ යුතුයි.
Lanka Newsweek © 2025